මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයෙහි කලහුගොඩ ග්‍රාමයේ පිහිටි මේ පාසල අධ්‍යාපනය ලබන දු දරුවන්ට කදිම තොතෑන්නකි. පාසල ආරම්භය පිලිබද ලිඛිතව සදහනක් නොමෑති වුවත් ප්‍රදේශයේ පැරැණ්නන්ගේ මතකයන් හා වර්ෂ 1929 පමණ කාලයේ දී මේ පාසල ආරම්භව ඈති බව පිලි ගත් මතයයි. ආරම්භයේ දී කලහුගොඩ ශාන්ත මරියා දේවස්ථානය මුල්කර ගනිමින් කතෝලික පල්ලියට සම්බන්ධව රෝමනු කතෝලික පාසලක් ලෙස සිසුන් නව දෙනකුගෙන් ආරම්භ කොට පවත්වගෙන ගොස් ඈත. කතෝලික පාසලක් ලෙස ඇරඹි මෙම විද්‍යාලය වර්ෂ 1961 දී රජයට පවරාගෙන රජයේ පාසලක් බවට පත් කර ඈත. 70 දශකයේ දී මේ පාසල 5 ශ්‍රේණිය දක්වා ඉගෑන්වීම් කටයුතු සිදු කරන ප්‍රාථමික පාසලක් බවට පත් කර තිබේ. 1994 වර්ෂයෙන් පසු ප්‍රථමික අංශයේ අධ්‍යාපන සංවර්ධනය ඉහළ මට්ටමික පැවතියත් ඒ වකවනුවේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් බහුතරයක්ම සමත් විමත් සමග පාසල තව තවත් ජනප්‍රියත්වයට පත්ව ඈත. එත් සමගම අධ්‍යාපනයේ ගුණාත්මක පවර්ධනය හේතුවෙන් සිසුන් විශාල වසයෙන් 1-5 ශේණිය සදහා ඈතුලුවිමට කටයුතු කර ඈත.
2001 වර්ෂය වන විට මේ පාසලේ ශිෂය සංඛයව සිසුන් 262 දක්ව වර්ධනය වී ඇති අතර පසලේ එවක තිබු සිමිත ගොඩනැගිලි ප්‍රමාණය නිසා මවුපියන්ගේ පුර්ණ දායකත්වය මත තවත් ගොඩනැගිලි ඉදිකිරීමට මූලිකත්වය ගෙන ඇත. 2004 වර්ෂය වන විට 1-5 ශේණි පන්ති 10ක් වී එහි සිසුන් ප්‍රමණය සිසුන් 485ක් දක්වා වර්ධනය වී ඈත මෙහි දී කලහුගොඩ විද්‍යාලයට යාබදව පිහිටි මඩවල ජයතිලක ප්‍රාථමික විදුහලෙහි ශිෂ්‍ය සංඛ්‍යාව සිසුන් 08 දෙනෙක් දක්වා පහත වැටීම නිසා එම පාසල වසා දැමීමට රජය තිරණය කර ඇත. එවක කලහුගොඩ විද්‍යාලයෙහි විදුහල්පතිවරයා වු හේමසිරි විජේරත්න මහතා සමග සකච්ජා කොට මඩවල පසල වසා දෑමිමට නොදී කලහුගොඩ රෝමාණු කතෝලික ප්‍රාථමික විද්‍යාලයට ඒකාබද්ධ කිරිමට යොජනා විය. මේ කාර්යයට මුල්තෑන ගෙන කටයුතු කර ඇත්තෙ මඩවල බෝධිපාදාරාම විහාරස්ථනයේ නයක ස්වමින් වාහන්සේ වු හිනටියන ධම්මදස්සි ස්වාමින් වහන්සේය. උන්වහන්සේ ප්‍රදෙශයේ තවත් ස්වාමීන් වහන්සේලගේ සහාය ඇතිව ප්‍රදේශයේ දේශපලන අධිකරිය සමග කළ සාකච්ජවක ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 2004 දී මඩවල ජයතිලක ප්‍රාථමික විද්‍යාලය කලහුගොඩ විද්‍යාලයට ඒකබද්ධ කරන ලදී. එහි දී සිදු තවත් මුලික යෝජනාවක් වුයේ කලහුගොඩ විද්‍යාලය කනිෂඨ විදයලයක් බවට උසස් කිරිමයි. එහි දී ද සියලු දෙනගේ ඈප කෑපවිමක ප්‍රතිඵලයක් ලෙස කලහුගොඩ විද්‍යාලය 1 ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා ඉගෙනුම් කටයුතු සිදු කෙරෙන පාසලක් ලෙස උසස් කොට මිනු/කලහුගොඩ-මඩවල එකබද්ධ කනිෂ්ඨ විද්‍යාලය නමින් නම් කර ඈත. එ අනුව 2005 වර්ෂයේ ජනවරි මස සිට කනිෂ්ඨ විද්‍යාලයක් ලෙස කටයුතු අරම්භ කර ඈත. ගම්බද සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.