- පෙරවරු හතයි විසි පහකට පෙර පාසලට පැමිණිය යුතුය.
- ඇඳුම් සහ හිසකෙස් පාසල් නීති රීති වලට අනුකූල විය යුතුය.
- ආරම්භක සීනුව නාද වීමට ප්‍රථම සියලු පිරිසිදු කිරීම් කටයුතු අවසන් විය යුතුයි.
- පෙරවරු 7.25 ආරම්භවන සීනුව නාද කර ඒ වනවිට සියලු වැඩ නතර කර නිශ්ශබ්ද විය යුතුයි.
- පෙරවරු 7.30 ආගමික කටයුතු ආරම්භ වේ. අනතුරුව ජාතික ගීය පාසල් ගීය ගායනා කර අවසන් වන තෙක් පාසල තුළ කිසිම කෙනෙකුට ගමන් කිරීම සපුරා තහනම් වේ.
- ප්‍රවේශ දොරටු 2 අසල ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය උදෑසන රැඳී සිටි නිල ඇඳුම් පිළිබඳ සොයා බලනු ලැබේ.
- ප්‍රමාද වී පැමිණෙන අය ශිෂ්‍ය නායක නායිකාවන්ට පරීක්ෂා කර සටහන් තබනු ඇත. පන්තිභාර ගුරුවරුන්ට යොමුකර දින තුනක් ප්‍රමාද වී පැමිණියහොත් දෙමාපියන් කැඳවනු ලැබේ.
- නිවේදනවලට නිශ්ශබ්දව අවධානය යොමුකළ යුතුයි.
- උදෑසන රැස්වීමට සීනුව නාද වීමත් සමඟම සියලුම සිසුන් පේලි වශයෙන් රැස්වීම රැස්වීම පවත්වන ස්ථානයට ළඟා වීම. රැස්වීම අවසානයේදී පේලි වශයෙන් පන්ති කාමර වලට ගමන් කිරීම.
- සෑම කාල පරිච්ඡේදයකදී ම මුල් විනාඩි 5 ඇතුලත අදාල ගුරුතුමා ගුරුතුමිය පැමිණෙන සිටියේ දැයි බලා පන්තියට ගෙන්වා ගැනීම පන්ති නායක.නායිකාවන් උප නායක නායිකාවන්ගේ වගකීමයි.
- ගුරුතුමා ගුරුතුමිය නිවාඩු ලබා ඇත්නම් සිසුන් පැවරුම් කටයුතුවල යොමුව නිශ්ශබ්දව තැබීම පන්ති නායක නායිකාවන්ගේ වගකීම වේ.
- පළමු කාල පරිච්ඡේදය අවසානයේ නම් ලකුණු කළ පසු නාමලේඛන කාර්යාලයේ තැබිය යුතුය.
- විවේක කාලය හැරුණු විට කිසිදු වෙලාවක පන්තියෙන් බැහැරවීම සම්පූර්ණයෙන් තහනම් වේ.
- විශේෂ හේතුවක් නිසා පන්තියෙන් බැහැරව යන විට අවසර පත්රයක් නොමැති වීමද දඬුවම් ලැබෙන වරදකි.
- විවේක කාලය තුළ තුළ පන්ති කාමරය තුළ කෑම ගැනීම කළ යුතුයි. වෙනත් පන්තියකට යාම නොකළ යුතුයි.
- පන්ති කාමරයේ බැහැර වෙනත් ස්ථාන වල ඉගැන්වීම් කටයුතු වලට යාමේදී පේළියට සිසුන් රැගෙන යෑම පන්ති නායක නායිකාවන්ගේ හා විෂය නායක නායිකාවන්ගේ වගකීම වේ.
- පාසල අවසන් වී යාමේදී පේළියට පන්ති කාමරයෙන් බැහැර විය යුතු අතර වගකීම නායකයින් සතුයි.
- නාමලේඛණය පන්ති වාර්තා පොත පැවරුණු ලිපිගොනු පිළිබඳ වගකීම පන්ති නායක නායිකාවන් හවුලේ දැරිය යුතුය.
- සියලුම නායක නායිකාවන් තම නිල ලාංඡන පැළඳ සිටිය යුතුය.
- පාසල් වේලාවෙන් පසු පාසලේ වැඩ රැඳී සිටින්නේ නම් විදුහල්පතිගේ අවසරය ලබාගැනීම අනිවාර්ය වේ.
- ජංගම දුරකතන පාසල් භූමියට රැගෙන ඒම සපුරා තහනම් වේ.
- පාසලේ කටයුතු විධිමත් කර ගැනීම සඳහා ශිෂ්ය නායක නායිකාවන් යොදවා ඇති බැවින් ඔවුන්ගේ අණට සෑම ශිෂ්ය ශිෂ්යාවක්මම අවනත විය යුතුය.
- පාසල් සහ ඇතුළත් වන නවක ශිෂ්ය ශිෂ්යාවන් සුහද පිළිගැනීම සහ සහයෝගයෙන් වැඩ කළ යුතුය.
- පාසල් සංවර්ධන සමිතියේ සහ ඒ සේවා හා පහසුකම් ගාස්තු අරමුදල් පළමු පාසල් වාරය තුළ ගෙවා අදාළ කුවිතාන්සිය ලබා ගත යුතුය.
- පාසලට එන සහ පාසල අවසන් වී යන විට තමා ආරක්ෂාවක් පාසලේ අගෞරවයක් යත් ආරක්ෂා කරන්න ගනිමින් විනයගරුකව හැසිරීම ඔබේ යුතුකමකි.
- විද්යාලයේ නිවේදන තම දෙමාපියන්ට භාරකරුවන්ට දැනුම් දිය යුතු ය.