කලහුගොඩ-මඩවල ඒකාබද්ධ කනිෂ්ඨ විද්‍යාලය

Prasansana 2023

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

2013-2022

w.උපාලි වෙත්තසිංහ මහතා

පාසලේ උන්නතිය උදෙසා ඉමහත් සේවාවක් කල විදුහලපතිවරයෙකි. ප්‍රදේශයෙහි දරුව් අධ්‍යාපනයෙන් හා සාරධර්මවලින් පොහොසත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කල අතර අ.පො.ස. (සා/පෙළ) උසස් ප්‍රතිඵල ඉහළ නැංවීමට කටයුතු කරන ලදී. පාසලෙහි පිහිටි ස්ථාන තුනෙහි ආරක්ෂිත තාප්ප හා වැටවල් ඉදිකිරීම, 6-11 අං‌ශයෙහි ඉගෙනුම් ක්‍රියාවලිය සදහා අවශ්‍ය ගොඩනැගිල්ලක්,පරගණක ඒකකයක්, එළිමහන් වේදිකාවක් හා පරිපාලන කටයුතු සදහා අවශ්‍යය කාර්යයාලයක් සහ පාසලට ‌අවශ්‍යව තිබූ බුදුමැදුර දෙමාපිය හා සම්පත් පුද්ගලයන්ගේ නොමසුරු දායකත්වයෙන් පාසලට දායාද කරන ලදී.

2001-2012

B.හේමසිරි විජේරත්න මහතා

ප්‍රාථමික පාසලක්ව පැවති කලහුගොඩ රෝමාණු කතෝලික ප්‍රාථමික විදුහල, කලහුගොඩ-මඩවල ඒකාබද්ධ කනිෂ්ඨ විද්‍යාලය ලෙස කණිෂ්ඨ පාසලක් බවට පත්කිරීමට පුරෝගාමීවූයේ මෙතුමාය. එසේම මීගමුව කලාපයට අයත් මඩවල ජයතිලක ප්‍රාථමික විදුහල ඒකාබද්ධ කරගැනීම වර්ෂ 2005 දී සිදුකරන ලදී.එසේම 6-11 ශ්‍රේණි ඉගෙනුම් කටයුතු කරන ස්ථානයට අයත් ඉඩම කොළඔ ප්‍රදේශ ව්‍යාපරික ‌දමිළ ජාති ‌‌රාජ මහතාගෙන් මිලදී ගෙන රජයට පවරාගෙන මෙහි ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කරන ලදී. දැනට ඉගෙනුම් කටයුතු පවත්වාගෙන යනු ලබන කුස්වල ශ්‍රී පුෂ්පාරාම ශාලාව, කුස්වල ශ්‍රී පුෂ්පාරාම ශාලාව විහාරධිපතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකිරීමට මූලිකත්වය ගැනීම. රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රධාන ශාලාවක් සහිත ‌තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද පුරෝගාමී විය. ප්‍රථිමික අංශයෙහි ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ මට්ටමකට රැගෙන ඒමට කටයුතු කරන ලදී. පාසල් ලාංඡනය, පාසල් ධජය, පාසල් ආදර්ශ පාඨය, පාසල් නිල වර්ණ හා පාසල් ගීතයෙහි තනු නිර්මාණය කිරීමට පුරෝගාමී විය.

2000-2001

L.රංජනී ස්වර්ණලතා මිය

වර්ෂයකට ආසන්න කාලයක් පාසලෙහි වැඩබලන විදුහල්පති ලෙස සේවය සිදු කරන ලදී.

1996-2000

M. සෞම්‍යදාස මයා

වර්ෂ 1995 දී ශ්‍රේණියකට එක් පන්තියක් බවට පැවති කලහුගොඩ රෝමාණු කතෝලික ප්‍රාථමික විද්‍යාලයෙහි සමාන්තර පන්ති‌ දෙක බැගින් ආරම්භ කිරීම ‌සිදුකරන ලදී. ප්‍රාථමික පාසල කනිෂ්ඨ විද්‍යාලයක් දක්වා ගෙන යාමට මූලික අඩිතාලම ලෙස කලහුගොඩ ප්‍රදේශයෙහිම ඉඩමක් පවරා ගැනීමේ කටයුතු වල මූලික අඩිතාලම සකස් කරන ලදී.