කලහුගොඩ-මඩවල ඒකාබද්ධ කනිෂ්ඨ විද්‍යාලය

Prasansana 2023

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීම - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

D.ජයතිස්ස මයා

මිනු/කලහුගොඩ - මඩවල ඒකාබද්ධ කනිෂ්ඨ විද්‍යාලය දීප්තිමත් පාසලකි. විසිඑක්වෙනි සියවසට අදාල නිපුණතා, පරිගණක තාක්ෂණය හා කෘතිම බුද්ධිය හා සබැදි වැඩ‌ ලෝකයට සරිලන මානව හිතවාදී දරුපරපුරක් බිහිකිරීමේ අරමුණ සාක්ෂත් කරගැනීම මා ඇතුළු මගේ පාසල් කාර්ය මණ්ඩලයේ අරමුණයි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ A.වජිර රණරාජා පෙරේරා මහතාගේ හා කොට්ඨස අධ්‍යාපන අධ්‍යක්ෂ N.A. විජිතා සෝමසිරි මහත්මියගේ මග පෙන්වීම යටතේ “විශ්වීය අධ්‍යාපනයට සම බිමක්” යන තේමාවෙන් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්කූල් නෙට් ශාඛාවේ සහයෝගීතාවය හා ලංකා වසම් ලේඛකාධිකාරියේ (LK Domain Registry) අනුග්‍රාහක දායකත්වයෙන් සීමාසහිත වෙබ්කොම්ස් ග්ලෝබල් සමාගම විසින් ක්‍රියාත්මක කරන 'සයිබර් ලොවට පියාපත්' ව්‍යාපෘති කණ්ඩායමේ සමාජිකයින්ට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.  

D.ජයතිස්ස මයා
විදුහල්පති
බප/මිනු/කලහුගොඩ-මඩවල ඒකාබද්ධ කනිෂ්ඨ විද්‍යාලය.